මගේ ලමා විය( My Childhood)


ඒ කාලෙ පිටිකිරි භාවිතයක් තිබුනෙ නෑ අපේ ගම්වල. එලකිරි තමයි මිනිස්සු බොන්න පුරුදු වෙල හිටියෙ. ගමේ ගෙවල් දෙකක් තිබුනා කිරි ගවයින් ඇති කරන අපේ ගෙදරටත් කිරි බෝතල් 2ක් හැමදාම උදේට ගන්නවා. අපි ගිහින් අරන් එන්න ඕන.

මේ රාජකාරිය පැවරිලා තිබුනෙ මටයි පොඩි අයියටයි. අපි දෙන්න මාරුවෙන් මාරුවට යනවා උදේ හය හමාරට විතර.  ඉතින් කිරි ගේන ගෙදරට යන්න යන පාර වැටිල තියෙන්නෙ සොහොන් පිටියක් මැදින්.

අපි 11 දෙනාම රෑට කෑම කන්නෙ එකට ඉදගෙන මගෙ අයියල හතරයි, අක්කල දෙන්නයි මල්ලිල දෙන්නයි. විදුලි එලියත් නැති ඒකාලෙ ඉතින් දැන් වගේ ටිවි ඉස්සරහ ඉදගෙන කන්නයැ. කෑම කාල ඉවරවුනාම සමහර දවස් වලට අපේ තාත්තා කතන්දර කියන්න ගන්නවා. ඒ කතන්දර වල ඔහු ජීවිතේ අත් දැකීම් සමගම රෑ බෝවී ගමන් බිමන් යන විට ඔහුට හොල්මන් මුණ ගැහුනු ආකාරයත්  වැලි මතුරමින් පිරිත් කියමින් හොල්මන් වලට බය නොවී සිටි ආකාරයත් ලස්සනට ගොතා කතන්දර කීමට ඔහුට තිබුනෙ පුදුම හැකියාවක්. සමහර විට කතන්දර නිම වෙන විට රෑ 1, 2 විතර වෙනවා. අපි පොඩි වුනත් නිදි මත වුනත් ඇදට යන්නෙ නෑ බයේ. එකක් කලුවරයි එක කාමරයකින් අනෙක් කාමරේට යන්න බයයි.

ප්රශ්නෙ තියෙන්නෙ ඊලග දවසෙ උදේට. මුලු රෑම හොල්මන් කතන්දර අහපු මම උදේ පාන්දර සොහොන් පිටිය මැදින් යන්නෙ කොහොමද? බයයි ඒත් කාටවත් කට ඇරල කියන්නෙත් නෑ බයයි කියල. ඉතින් යනවා. සොහොන් පිටිය පටන් ගත්තු තැන ඉදලා ඉවර වෙනකන් හැල්මේ දුවනවා. මම හිතන්නෙ මට වයස 7/8ක් වගේ ඇති. ඒ හරියෙදි මනුස්සයෙක් මුන ගැසුනත් හිතෙන්නෙ හොල්මනක් කියලා. ඒ දිවීම නිසා වෙන්න ඇති මට පුන්චි කාලේ දිවීම් තරග වලින් සහතිකත් තිබුනා මිටර් 100/200 ඉසව් වලින්.

පසුකාලීනව ඒ කිරි ගැනීම නැවතුනා. ඊට පස්සෙ අපේ ගෙදරටම කිරි ගවයෙක් ගත්තා. කිරි ගන්න. ඒ ගවය බලාගන්න අපේ අයියාට කොළඹදි  මුණ ගැහුනු තරුණයෙක් එක්කන් ආවා. ඔහුගේ නම සෝමපාල. කිරි ගවයා බලාගත්තත් ඔහු බොහෝම ජැන්ඩියට තමයි හිටියෙ කොළඹ පුරුද්දට. ගෙදර අනෙක් වැඩ වලටත් සහය වුනා, කඩේට යන්න කුඹුරු වල සහ වතු වල වැඩ කරන අයට තේ දහවල් ආහරය ගෙනයාම වැනි දේවල්. දවසක් ඔහු චිත්ර පටයක් බලන්න යනවා කියලා ගිය ගියාමයි ආපහු ආවෙ නෑ. ඊලගට පෙරුමාල් කියල ද්රවිඩ මනුස්සයෙක් එක්කන් ආව හරකව බලාගන්න. එයත් කාලයක් හිටියා. අපේ අම්ම ඔහුට දවසක් එලවලු ගෝනි 2ක් හපුතලේට අරන් ගිහින් විකුනන් එන්න කිව්වම එයත් ගියා ගියාමයි ආපු ආවෙ නෑ. දැන් මොනව කරන්නද අන්තිමට එලදෙනවයි පැටියවයි විකුනලා දාන්න සිදුවුනා.
කොහොම වුනත් මොන අඩුපාඩු කම් කරදර තිබුනත් ඒ පුන්චි කාලෙ හරිම සුන්දරයි. පවුලෙ හැමෝම එකට ඉදන් කෑම ටික කනවා කියන්නෙත් කොයි තරම් දෙයක්ද? ආයෙනම් කවදාවත් එවන් දවසක් එන්නෙ නෑ. ඒ අපේ පවුලෙන් තුන් දෙනෙක්ම මෙලොවින් සමු අරන් නිසා.

My childhood is very interesting.I was born in very rural village in Sri Lanka. I am a member of a big family. I have 6 brothers and two sisters. I am the 7th within our siblings and I have two younger brothers.  
Those days Milk power wasn’t popular in our country. We used to get fresh milk
from the farmers who had herd of cows. Every morning we have to go to their
house and bring 2 bottles of milk this job had to be done my little older
brother and myself. To go to that farm house we had to walk through a grave
yard.
Every night we all my father mother and siblings sit together at dinner table. Some days after dinner my father used tell us stories until late night sometimes we stayed up 2a.m. Those stories were based on ghosts my father had to face in darkness and some stories were his life experiences.
Problem was next day morning how do I walk through the grave yard to bring milk after listening to ghost stories whole night. I was so afraid but never tell anyone. What I did was run all the way from the beginning of grave yard and, until it ends. Even I met a real person in that area I used thinks it may be a ghost.
Now I tell these stories to my children. I don’t think these days  young ones have chance to have these kind of experiences because many were addicted to technology and many thing you can order while you are in the bed online.
I am glad I had such a wonderful childhood still wish if I can go back to that age and having dinner with my whole family. Well, I can’t do that anymore, my father mother and one brother already gone.

Comments

Popular posts from this blog

May all kids in this world free from starvation!