මගේ ලමා විය( My Childhood)
ඒ කාලෙ පිටිකිරි භාවිතයක් තිබුනෙ නෑ අපේ ගම්වල. එලකිරි තමයි මිනිස්සු බොන්න පුරුදු වෙල හිටියෙ. ගමේ ගෙවල් දෙකක් තිබුනා කිරි ගවයින් ඇති කරන අපේ ගෙදරටත් කිරි බෝතල් 2ක් හැමදාම උදේට ගන්නවා. අපි ගිහින් අරන් එන්න ඕන. මේ රාජකාරිය පැවරිලා තිබුනෙ මටයි පොඩි අයියටයි. අපි දෙන්න මාරුවෙන් මාරුවට යනවා උදේ හය හමාරට විතර. ඉතින් කිරි ගේන ගෙදරට යන්න යන පාර වැටිල තියෙන්නෙ සොහොන් පිටියක් මැදින්. අපි 11 දෙනාම රෑට කෑම කන්නෙ එකට ඉදගෙන මගෙ අයියල හතරයි, අක්කල දෙන්නයි මල්ලිල දෙන්නයි. විදුලි එලියත් නැති ඒකාලෙ ඉතින් දැන් වගේ ටිවි ඉස්සරහ ඉදගෙන කන්නයැ. කෑම කාල ඉවරවුනාම සමහර දවස් වලට අපේ තාත්තා කතන්දර කියන්න ගන්නවා. ඒ කතන්දර වල ඔහු ජීවිතේ අත් දැකීම් සමගම රෑ බෝවී ගමන් බිමන් යන විට ඔහුට හොල්මන් මුණ ගැහුනු ආකාරයත් වැලි මතුරමින් පිරිත් කියමින් හොල්මන් වලට බය නොවී සිටි ආකාරයත් ලස්සනට ගොතා කතන්දර කීමට ඔහුට තිබුනෙ පුදුම හැකියාවක්. සමහර විට කතන්දර නිම වෙන විට රෑ 1, 2 විතර වෙනවා. අපි පොඩි වුනත් නිදි මත වුනත් ඇදට යන්නෙ නෑ බයේ. එකක් කලුවරයි එක කාමරයකින් අනෙක් කාමරේට යන්න බයයි. ප් රශ්නෙ තියෙන්...